Sunday, December 30, 2012

කදුලු බිදු විත් රටා මැව්වා
දෙනෙත් ගග බර වැඩි නිසා...
ලයෙහි සුසුමන් හෙමින් සැලුනා
සිත් මලම පොඩි වූ නිසා...
දෙතොල් ගුලිවී මුහුන කලුවී
වැහි වලා සද වැසු නිසා...
නෙලුම් මියැදේ  තරු මිලින වී
මුලු ලොවම දුක දත් නිසා...
                  
                         සිතූ
                     

Saturday, December 29, 2012

නිශායම ඉකිබිදින
හද සුසුම් නිවාලූ
මගේ  හද මල් යහන
 සොමිදියෙන් තෙමාලූ
අදුරු ගිනිගත් රැයට
 සද සිසිල ගෙනාලූ
නුබයි මා සරාසද
හද මඩල සොරාලූ

                      සිතූ

Thursday, December 27, 2012

නැහැ පලක්...

බුදුන් පාමුල මිලින වන්නට

පින්කලත් නෙක පුෂ්පයන්........

කපුරු පෙති මෙන් දැවී හලු වී නොයන්නෙද තව සමහරක්

කාගෙ වරදද ලොවම විශ්මය....

සුසුම් ලා හිද නැහැ පලක්...

 

......සිතූ......

 


සොයුරු සෙනේ දග වැඩි වූ දා....
මා සසල කළා ඔබ දුක රන්දා...
රෝස මලෙක සුදු සේද වෙලා
පැහැ සැගව ගියා ලෙන්ගතුම නිසා....

ගිනිගෙන දැවෙමින් දුර පාවු සුසුම්,
රුදු සයුරු තෙරේ  ඉකිබින්දා.....                                                           
ඔඛෙ සුවද සදා හද තුරුලු කරන්,
නොමියෙන පැතුමක හද රන්දා...

පිබිදුනු කුසුමින් ඔඛෙ දෙපා වදිමි....
ඔබ නිසා මව්නි ලොව දිනුවා....
සෙනෙහස් ගගුලේ නිම්තෙර නොපෙනේ
මතු බුදු වේවා මගෙ අම්මා
......

......සිතූ......

 

 බෝ සමිදුනේ......


නිල්වන් ගගන තල සිබිමින්,

තුරුපත් තාලෙට ලෙලමින්,

සහසක් සිත් සුව කරමින්,

වැජඛෙන බෝ සමිදුනේ.........

දෙනෝදහක් බැතින් පුදන,

සිරිමා බෝ සමිදුනේ......

 

කදුලු පැනින් ඔබ දෝවා,

කියනා දුක් ගිනි අහන්න,

ඔබ සිටියත් උඩමලුවෙ කරුණානෙත් අයා....

ඔඛේ දුක සැප විමසූවේ කවුරුන්දෝ.......

බෝ සමිදුනේ......

 

නිසල නෙතින් ලොවම බලා,

මෙත් ගුණ ලකඹර පතුරා,

දෙවු බබුන්ගෙන් පුද ලැබවත්,

රන් කඩුපුල් නෙලා.....

දුකක් නැද්ද නව ලොව දැක,

සිරිමා බෝ සමිදුනේ..........

                                                                                                  

                                                                                           ......සිතූ......

                                            

Wednesday, December 26, 2012

සිතක සිතුවම්.......................

සිතක සිතුවම්

බිදී විසිරී

සිහින මල් පරවී .......

ඔෙබ් වදනින් දැවීලා සිත

ආදරය මියැදී......

 

පිදුව සෙනෙහස එදා ඔබ මට

හද විලම අතුරා මලින්,

ඉගිල ගොස් දුර ඈතකට අද

නිශායම රජයයි සොවින්.....

 

හමු වුනත් මා යනෙන පෙරමග

සොදුරු සරසවි බිම් තෙරේ

නොහදුනන ලෙස නොයන් ඈතට

මහද අවුලා කුමරියේ..... 

                                                                                  

                                                                                               ......සිතූ......