Sunday, March 16, 2014

   විය සිදුරින් නුබ දකිනට බැරිදා
        හමු නොවීම ඔබ මා තනි කෙරුවා...


ජීවිතය සුවපත් කරන,ජීවිතයට නව අරුතක් එක් කරන,අත් පටලා දුර ගමනක් යන්න පුළුවන්, තවත් සුන්දර හදවතක් හමුවෙනකම් තාරුණ්‍යයට ඉවසිල්ලක් නෑ.ඒ අන්කිසිවක් නිසාවත් නෙමෙයි තාරුණ්‍යය ඒ තරම්ම ආදරේට ආදරේ නිසා.ජීවිතේ සුන්දරම කාලෙ ඒ සුන්දරත්වය වඩාත් විදින්න කැමති නිසා...බලාගෙන ඇසිපියලන එක ක්ෂනයකින් ඔයාගෙ හදවත ඔයාට නැතිවෙයි.
           ඒත් සෙනෙහසින් පිරුණ ස්නේයේ නගර වල ඒ සෙනෙහෙ පුපුරවාලන බෝම්බ පිපිරෙන්න ඒ තරම් වෙලාවක් යන්නෑ. බාධක සියල්ලක්ම උහුලන්න පුළුවන් ඒත්,දෙමව්පියන්ගෙන් හා ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් එක් පාර්ශවයක් තෝරගන්න උනොත් ඇත්තටම හරි අසරණ වෙනවා නේද.....

පීදුන සෙනෙහස් මල් දළුලන්නට
සිත් සේ අහසේ පියඹා යන්නට
අපට අවසර නෑ...
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ

දෙනෙතට සෙනෙහස් මග හමුවූදා
දෙසිතක් එක සිත වී දිදුලුවා
හදින් හදට බෝ දුර ගිය හින්දා
ඔබ මා ගොළුවි බලාන උන්නා
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ

නොයිදුල් පැතුමන් නෙතු අග රන්දා
පවුරු වලලු රැස් බෝ ඇති හන්දා
විය සිදුරින් නුබ දක්නට බැරි දා
හමුනොවීම ඔබ මා තනි කෙරුවා
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ
            
                                   සිතූ