Saturday, December 14, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....

සතුට සැනසුම සිනහව වගේම දුක  වේදනාව කදුළ මුසුවූ ජීවිතය ජීවත් කරවන ඒ සොදුරුතම හැගීම ආදරයයි යැයි මම කියමි. ආදරය අකුරු හතරක එකතුවක් වදනින් විස්තර කළ නොහැකි මහා අරුතක්.මම ඹයාගෙන්
 පොඩි පැනයක් අහන්නම්.ඹයාට ඹයාගෙ නොවන ආදරයක් තියෙනවද......

ඹයා මගෙන් අහයි මට පිස්සුද කියලා... ඒත් අර පාසල් කාලේ සි නමා බල බල .. රිතික් රෝෂන්ට ශාරුක්ට පෙම් බැදපු කාලේ...කාජල්ගෙ ඓයිෂ්ගේ පින්තූර බිත්ති වල ගහන් හිටපු කාලෙ මතකද...හිතේ ඇදුනු කවදාවත් නොදැකපු සිහින කුමාරයට සපුමල් කුමාරයට ආදරේ කරපු කාලෙ මතකද...අපි හැමෝටම අපේ නොවන මගේ නොවන ආදරයක් තිබිලා තියෙනවා...ඒ ගී පද අපි හැමෝටම සමීප ඒ නිසා වෙන්න ඇති...ඹය කතාව ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්...පතාගෙන ආවෙ ඹතාගෙන යන්න කියලා පෙම් බැන්දට බාදක හමුවෙ නොසැලී ඉන්නම් කිව්වට වෙන්වෙලා ආදවරේ කරන අයත් ඉන්නවානේ...ඒත් අදටත් හිතින් තමන්ගෙ ආදරේ එක්ක ජීවත් වෙනවා...සදාකාලිකවම නොලැඛෙන බව දැනදැන ආදරේ කරනවා...

ඉතින් මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...ගේය පද හදවත් වැළද ගත්තෙ ඒ නිසාම වෙන්න ඇති....

                                                                                                                  
                                                                                                 සිතූ 

Monday, August 26, 2013

 


පාට සුවද තවරා ගත්
රන් සමනල රැල
කොහි ගියාද මග වැරදී
කදුළු නගයි සිත....
ලාගර් සුවදට මත්වී
පාට මැකුනු සද
මලේ නුඔට වැටෙහෙනු ඇත
හෙට දින අනියත...


                සිතූ
  










 සද වටකර තරු පිරිලා
ගගන එළිය කර....
මා නෙත ලග නුඔ නැවතී
හදම එළිය කර.....
අමාවකට තරු තනිවී
සද නෑ අහසට....
සිත් අහසට ඔබ නෑ අද
වැලපෙයි මා සිත....

                 සිතූ

Tuesday, July 23, 2013

හද සෙනේහේ
මල්විමනේ....
නුඹ පමණයි
මා සොදුරේ.....

Monday, February 25, 2013





අහස් ගැබ දුර මුත්
තරු පොකුරු නැතිමුත්
සිත් අහසෙ පෑයු මා
සරා සද ඔබ නම්
හිමි නැතත් ඔබ නම්
පෙම් කරමි පෙර මෙන්
අහිමි නුඹ මුලු හදින්
තුරුලටම ගෙන මං


          සිතූ

Wednesday, February 20, 2013

හද පුරා සිසිල දී


නෙතු කදුලු මකාලූ....
සිනා මල් හද පුරා
තුටු සිතින් පුදාලූ....
මිහිපිට වූ සුරපුරය
මා වෙතට ගෙනාලූ...
නුඹයි මා සදෙව් රජ
තව්තිසම මවාලූ....

               සිතූ

Sunday, February 10, 2013

නීලතරු යුග මහද සැනසුම
ආදරෙයි මම ඔබට තවමත්
කදුලු දී මට ගියත්  ඔබ අද
තරහ වනු බෑ මට නම්

මැවූ සොදුරුම සිහින මාළිග
 බොද වෙලා අද නෑ දැන්
වින්ද උනුහුම යළි විදිනු බෑ
ආදරේ මට තහනම්...

කුමරුනේ ඔබ ගියත් බෝ දුර
ඔබ ලගයි සිත තවමත්
වැලනත් සිත සාප දෙනු බෑ
ඔබට බැදි  පේමේ නමින්
             සිතූ