Wednesday, June 3, 2015

හද සැලුනා... නෙතු රිදුනා..
කෙලෙසින් ඔබ හැරයම්දෝ සිතුනා
සෝගී හඩ ඇසුනා...ඛෙලිහුල ඉකිබිදිනා...
සබ්රා මව්නි ඹබ හැරයනදා...


   සිතූ
Image result for beauty university of sabaragamuwa

Sunday, December 21, 2014

හද ගැහෙන
නෙතු සැලෙන
සිහිනයකි නුඹ
රිද්මය...

අද 2014.12.22.....

සිතට දැනෙන්නෙ අපමන සතුටක් ඒ වගේම දුකක්...හදේ තත් සුසර වන රිද්මයෙන් මා වගේම ඔබත් සැනසේවී

Monday, December 1, 2014

සසල වී සිත
නිසල සද දැක...
මිලින වී නෙත
වත නොදැක නුඹ...
සිතත් නෙතගත්
මුලාවක හැර...
ඉගිළුනිද නුඹ
සොදුර කොයි අත...

සිතූ

Tuesday, November 11, 2014

මන්දාරම තුරුළු කරන්
මුව සිනහව රදවා...
නුඹ එන විට දෙවැට දිගේ
සැදෑ අහස පරදා...
සලිතව හද නුඹේ නමින්
සෙනෙහස් මල් පුබුදා...
බලා සිටිමි හදදොර  හැර
වසන්තයට හඩගා...

සිතූ

Monday, November 10, 2014

සදුන් සිසිලක
අහස් ගගුලක
නොවේ සෙනෙහස
ඔබගෙමයි...
සිතම සනහා
සෙනෙහෙ පුබුදා
දැනුන සෙනෙහස
ඔබගෙමයි...


සිතූ

Thursday, October 2, 2014

ඛෙලිහුල් ඔය...


පින්න තැවරුණූ සීත පවනැල්
දරනු බැරි තැන සොයා උණුසුම
දෑල හඩවන පුංචි ගල්කුළු
සිඹින අරුමය ආදරෙන්...

ජපන් කෙකටිය මලට බැදි පෙම
ගොනු කරන්නට  බැරිව වදනින්
ඉනුව කදුළින් නැගුනු පෙනපිඩු
මකනයුරු දුක තද කරන්...

උරුම බව දැන දැනම සමනොල
දරනු බැරි තැන පිය වියෝගය
දුක්  දෙබස හැර තබා මුනිවත
නිසලවම බැස යයි සෙමින්...

සිතූ


සරත් සදට
ආවඩන්න...
හීන අරන්
වසන්තයට...
නුඹ එනකම්
නෙතු අයාන...
මං ඉන්නම්
ඉදි වැට ළග...

සිතූ


Image result for sun rising