Tuesday, November 11, 2014

මන්දාරම තුරුළු කරන්
මුව සිනහව රදවා...
නුඹ එන විට දෙවැට දිගේ
සැදෑ අහස පරදා...
සලිතව හද නුඹේ නමින්
සෙනෙහස් මල් පුබුදා...
බලා සිටිමි හදදොර  හැර
වසන්තයට හඩගා...

සිතූ

Monday, November 10, 2014

සදුන් සිසිලක
අහස් ගගුලක
නොවේ සෙනෙහස
ඔබගෙමයි...
සිතම සනහා
සෙනෙහෙ පුබුදා
දැනුන සෙනෙහස
ඔබගෙමයි...


සිතූ