Thursday, October 2, 2014

ඛෙලිහුල් ඔය...


පින්න තැවරුණූ සීත පවනැල්
දරනු බැරි තැන සොයා උණුසුම
දෑල හඩවන පුංචි ගල්කුළු
සිඹින අරුමය ආදරෙන්...

ජපන් කෙකටිය මලට බැදි පෙම
ගොනු කරන්නට  බැරිව වදනින්
ඉනුව කදුළින් නැගුනු පෙනපිඩු
මකනයුරු දුක තද කරන්...

උරුම බව දැන දැනම සමනොල
දරනු බැරි තැන පිය වියෝගය
දුක්  දෙබස හැර තබා මුනිවත
නිසලවම බැස යයි සෙමින්...

සිතූ


No comments:

Post a Comment