Sunday, March 16, 2014

   විය සිදුරින් නුබ දකිනට බැරිදා
        හමු නොවීම ඔබ මා තනි කෙරුවා...


ජීවිතය සුවපත් කරන,ජීවිතයට නව අරුතක් එක් කරන,අත් පටලා දුර ගමනක් යන්න පුළුවන්, තවත් සුන්දර හදවතක් හමුවෙනකම් තාරුණ්‍යයට ඉවසිල්ලක් නෑ.ඒ අන්කිසිවක් නිසාවත් නෙමෙයි තාරුණ්‍යය ඒ තරම්ම ආදරේට ආදරේ නිසා.ජීවිතේ සුන්දරම කාලෙ ඒ සුන්දරත්වය වඩාත් විදින්න කැමති නිසා...බලාගෙන ඇසිපියලන එක ක්ෂනයකින් ඔයාගෙ හදවත ඔයාට නැතිවෙයි.
           ඒත් සෙනෙහසින් පිරුණ ස්නේයේ නගර වල ඒ සෙනෙහෙ පුපුරවාලන බෝම්බ පිපිරෙන්න ඒ තරම් වෙලාවක් යන්නෑ. බාධක සියල්ලක්ම උහුලන්න පුළුවන් ඒත්,දෙමව්පියන්ගෙන් හා ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් එක් පාර්ශවයක් තෝරගන්න උනොත් ඇත්තටම හරි අසරණ වෙනවා නේද.....

පීදුන සෙනෙහස් මල් දළුලන්නට
සිත් සේ අහසේ පියඹා යන්නට
අපට අවසර නෑ...
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ

දෙනෙතට සෙනෙහස් මග හමුවූදා
දෙසිතක් එක සිත වී දිදුලුවා
හදින් හදට බෝ දුර ගිය හින්දා
ඔබ මා ගොළුවි බලාන උන්නා
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ

නොයිදුල් පැතුමන් නෙතු අග රන්දා
පවුරු වලලු රැස් බෝ ඇති හන්දා
විය සිදුරින් නුබ දක්නට බැරි දා
හමුනොවීම ඔබ මා තනි කෙරුවා
සෙනෙහෙ දියෙන් ජීවිතය දොවන්නට
ඔබට අවසර නෑ
මටද අවසර නෑ
            
                                   සිතූ





Tuesday, January 21, 2014



නිල් අඹරේ රන්තරුවැල් බලා හිදීවී
මිහිමඩලේ නිල්තුරුහිස බලා හිදීවි
ක්ෂිතිජඉමට අසිරි අරන්
ඔබ මා මුනගැසෙන තුරා බලා හිදීවී

සද එළියට කවි පෑ හද සෙනෙහේ සිත්තම්
නයනතුරා කඩා හැලෙන අමබිදු රසවැල්
එය ඔබට දැනේ නම්...
මුදු සුවදක් වී දැවටී මම
සෙනෙහස දෙන්නම්

අදුරු රැයට පුරා සදක් මිහිබට සුරදෙව්
වියලුනු කතරට දියබිද සයුරකි මනලොල්
එය ඔබට දැනේ නම්...
මුදු සුවදක් වී දැවටී මම
සෙනෙහස දෙන්නම්

                        සිතූ






නිල් ඉදුවර කියු කවි ගී පදමාලා මනරම්
රෑ තුන්යම හදපාරා කදුළු දේය මටනම්
එහිමාරුත වටහාගෙන අතවැනුවත් කදුලැල්
ඔබ නොදන්න ආදරයක හිත පැටලෙයි සැමකල්

ආදරයට ඉගිකෙරුවත් ඔබ ගයනා පදවැල්
හදපාරා නෙතු හඩවා ඇයි මෙතරම් සරදම්
සුදු සුසිනිදු පිච්ච කොපුල් රතුකරවා සැමකල්
ඔබ පතන්නෙ ආදරයද මගෙ කදුළද තුන්කල්

ගීතයෙ මුදු වදනින් සිත තුන්කල් සැනසේවා
දරදඩු සිත සලිතව ආදර මල් පිබිදේවා
හදමල්ගැබ යහනක්  ආදරේ දැනේවා
ආදරේම ගීතයක්ව හදවත සැනසේවා

නිල් ඉදුවර...
       
               සිතූ

Friday, January 17, 2014

සුළං පොදක් සේ
වසන්තයක් ගෙන
මහද විලට ඔබ
වඩින තුරා...
නැවුම් පැතුම් මල්
දෝත දරාගෙන
හද දොර හැර මම
හිදිමි බලා...


සිතූ


Saturday, December 14, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....

සතුට සැනසුම සිනහව වගේම දුක  වේදනාව කදුළ මුසුවූ ජීවිතය ජීවත් කරවන ඒ සොදුරුතම හැගීම ආදරයයි යැයි මම කියමි. ආදරය අකුරු හතරක එකතුවක් වදනින් විස්තර කළ නොහැකි මහා අරුතක්.මම ඹයාගෙන්
 පොඩි පැනයක් අහන්නම්.ඹයාට ඹයාගෙ නොවන ආදරයක් තියෙනවද......

ඹයා මගෙන් අහයි මට පිස්සුද කියලා... ඒත් අර පාසල් කාලේ සි නමා බල බල .. රිතික් රෝෂන්ට ශාරුක්ට පෙම් බැදපු කාලේ...කාජල්ගෙ ඓයිෂ්ගේ පින්තූර බිත්ති වල ගහන් හිටපු කාලෙ මතකද...හිතේ ඇදුනු කවදාවත් නොදැකපු සිහින කුමාරයට සපුමල් කුමාරයට ආදරේ කරපු කාලෙ මතකද...අපි හැමෝටම අපේ නොවන මගේ නොවන ආදරයක් තිබිලා තියෙනවා...ඒ ගී පද අපි හැමෝටම සමීප ඒ නිසා වෙන්න ඇති...ඹය කතාව ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්...පතාගෙන ආවෙ ඹතාගෙන යන්න කියලා පෙම් බැන්දට බාදක හමුවෙ නොසැලී ඉන්නම් කිව්වට වෙන්වෙලා ආදවරේ කරන අයත් ඉන්නවානේ...ඒත් අදටත් හිතින් තමන්ගෙ ආදරේ එක්ක ජීවත් වෙනවා...සදාකාලිකවම නොලැඛෙන බව දැනදැන ආදරේ කරනවා...

ඉතින් මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...ගේය පද හදවත් වැළද ගත්තෙ ඒ නිසාම වෙන්න ඇති....

                                                                                                                  
                                                                                                 සිතූ 

Monday, August 26, 2013

 


පාට සුවද තවරා ගත්
රන් සමනල රැල
කොහි ගියාද මග වැරදී
කදුළු නගයි සිත....
ලාගර් සුවදට මත්වී
පාට මැකුනු සද
මලේ නුඔට වැටෙහෙනු ඇත
හෙට දින අනියත...


                සිතූ
  










 සද වටකර තරු පිරිලා
ගගන එළිය කර....
මා නෙත ලග නුඔ නැවතී
හදම එළිය කර.....
අමාවකට තරු තනිවී
සද නෑ අහසට....
සිත් අහසට ඔබ නෑ අද
වැලපෙයි මා සිත....

                 සිතූ