Tuesday, January 21, 2014



නිල් අඹරේ රන්තරුවැල් බලා හිදීවී
මිහිමඩලේ නිල්තුරුහිස බලා හිදීවි
ක්ෂිතිජඉමට අසිරි අරන්
ඔබ මා මුනගැසෙන තුරා බලා හිදීවී

සද එළියට කවි පෑ හද සෙනෙහේ සිත්තම්
නයනතුරා කඩා හැලෙන අමබිදු රසවැල්
එය ඔබට දැනේ නම්...
මුදු සුවදක් වී දැවටී මම
සෙනෙහස දෙන්නම්

අදුරු රැයට පුරා සදක් මිහිබට සුරදෙව්
වියලුනු කතරට දියබිද සයුරකි මනලොල්
එය ඔබට දැනේ නම්...
මුදු සුවදක් වී දැවටී මම
සෙනෙහස දෙන්නම්

                        සිතූ






No comments:

Post a Comment