Tuesday, January 21, 2014

නිල් ඉදුවර කියු කවි ගී පදමාලා මනරම්
රෑ තුන්යම හදපාරා කදුළු දේය මටනම්
එහිමාරුත වටහාගෙන අතවැනුවත් කදුලැල්
ඔබ නොදන්න ආදරයක හිත පැටලෙයි සැමකල්

ආදරයට ඉගිකෙරුවත් ඔබ ගයනා පදවැල්
හදපාරා නෙතු හඩවා ඇයි මෙතරම් සරදම්
සුදු සුසිනිදු පිච්ච කොපුල් රතුකරවා සැමකල්
ඔබ පතන්නෙ ආදරයද මගෙ කදුළද තුන්කල්

ගීතයෙ මුදු වදනින් සිත තුන්කල් සැනසේවා
දරදඩු සිත සලිතව ආදර මල් පිබිදේවා
හදමල්ගැබ යහනක්  ආදරේ දැනේවා
ආදරේම ගීතයක්ව හදවත සැනසේවා

නිල් ඉදුවර...
       
               සිතූ

No comments:

Post a Comment