Thursday, October 2, 2014

ඛෙලිහුල් ඔය...


පින්න තැවරුණූ සීත පවනැල්
දරනු බැරි තැන සොයා උණුසුම
දෑල හඩවන පුංචි ගල්කුළු
සිඹින අරුමය ආදරෙන්...

ජපන් කෙකටිය මලට බැදි පෙම
ගොනු කරන්නට  බැරිව වදනින්
ඉනුව කදුළින් නැගුනු පෙනපිඩු
මකනයුරු දුක තද කරන්...

උරුම බව දැන දැනම සමනොල
දරනු බැරි තැන පිය වියෝගය
දුක්  දෙබස හැර තබා මුනිවත
නිසලවම බැස යයි සෙමින්...

සිතූ


සරත් සදට
ආවඩන්න...
හීන අරන්
වසන්තයට...
නුඹ එනකම්
නෙතු අයාන...
මං ඉන්නම්
ඉදි වැට ළග...

සිතූ


Image result for sun rising

Saturday, July 26, 2014

ඇකේෂියා ගසක විලාපය...

සදේ සැනසුම නුඹෙන් කොයි මට
රුහිරු නෙතගින් පුළුස්සයි ගත
එහෙත් දිනකර කෙලෙස කියමිද
මගේ ජිටය ඔබ නමින් බව...

ඉඩෝරය මට තැවුල් දුන්වග
කෙලෙස කියමිද මද පවන හට
සගවගෙන මගෙ දුක දොවන්නට
උරාබොමි මිහිමවගෙ දියවර....

            සිතු

Wednesday, June 11, 2014

මද සුළගට...   

ඇවිත් දැවටී
මගේ ගත සිඔ
සැනින් යයි  ඔබ
ඉහල අහසට...
දිවා රෑ ඔබ
ගැනම සිතනා
පුන්වි තණකොළ
මලකි තණ අග...


සිතු

Friday, May 30, 2014

මද පවන සේ...
මුදු සුවද සේ...
නැවුම් ජීවය රැගෙන ඒ යැයි
බලා සිටියත්
සැඩ සුළග වී
පාව ගිය යුරු
මහද තලමින්

සිතූ

Wednesday, April 23, 2014

සුළග සේ විත්
මහද දැවටී...
සොරාගත් සැටි
නෙතු පියන්...
හරිම පුදුමයි
මට තවත්...

සිතූ

Tuesday, April 8, 2014

නොපිපුනු සිනාකැන්
දක්නට පෙරුම් පුරමින්
ලතැවෙයි පෙම් සිතක්
එදා වාගෙම අදටත්....

සිතූ