මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....
සතුට සැනසුම සිනහව වගේම දුක වේදනාව කදුළ මුසුවූ ජීවිතය ජීවත් කරවන ඒ සොදුරුතම හැගීම ආදරයයි යැයි මම කියමි. ආදරය අකුරු හතරක එකතුවක් වදනින් විස්තර කළ නොහැකි මහා අරුතක්.මම ඹයාගෙන්
පොඩි පැනයක් අහන්නම්.ඹයාට ඹයාගෙ නොවන ආදරයක් තියෙනවද......
ඹයා මගෙන් අහයි මට පිස්සුද කියලා... ඒත් අර පාසල් කාලේ සි නමා බල බල .. රිතික් රෝෂන්ට ශාරුක්ට පෙම් බැදපු කාලේ...කාජල්ගෙ ඓයිෂ්ගේ පින්තූර බිත්ති වල ගහන් හිටපු කාලෙ මතකද...හිතේ ඇදුනු කවදාවත් නොදැකපු සිහින කුමාරයට සපුමල් කුමාරයට ආදරේ කරපු කාලෙ මතකද...අපි හැමෝටම අපේ නොවන මගේ නොවන ආදරයක් තිබිලා තියෙනවා...ඒ ගී පද අපි හැමෝටම සමීප ඒ නිසා වෙන්න ඇති...ඹය කතාව ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්...පතාගෙන ආවෙ ඹතාගෙන යන්න කියලා පෙම් බැන්දට බාදක හමුවෙ නොසැලී ඉන්නම් කිව්වට වෙන්වෙලා ආදවරේ කරන අයත් ඉන්නවානේ...ඒත් අදටත් හිතින් තමන්ගෙ ආදරේ එක්ක ජීවත් වෙනවා...සදාකාලිකවම නොලැඛෙන බව දැනදැන ආදරේ කරනවා...
ඉතින් මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...ගේය පද හදවත් වැළද ගත්තෙ ඒ නිසාම වෙන්න ඇති....
සිතූ
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා......
ReplyDeleteඔය ගීතය මම මුලින්ම ඇහුවෙ අවුරුදු ගානකට කලින්. එතකොට චිත්රපටියක් ගැන ආරංචියක්වත් තිබුනෙ නෑ.මට නම් කියන්න තියෙන්නෙ මේ වචන ටික ඇහුනම මගේ හිතේ ඇඳුනෙ නම් චිත්රපටියෙ සිද්දියට එහෙමත් නැත්නම් ඔයා කියනව වගේ රිතික් රෝෂන්ට,ශාරුක්ට එහෙමත් නැත්නම් ඓයිෂ්ට,කාජල්ට ආදරේ කරපවට වඩා වෙනස් රූප පෙලක්. චිත්රපටිය බලල මම තේරුම් ගත්ත දේ තමයි චිත්රපටියකට වඩා ගීතයක පද බලවත් කියන එක.
මේ ඒ ගීතයයි මගේ සමීපතමයෙක්ගෙ අත්දැකීමකුයි සම්බන්ද කරගෙන මම ලියපු පුංචි කතාවක්...
http://mandharama.blogspot.com/2013/02/i.html
කතාව ගොඩක් වෙනස් තමා අයියේ ....ඒ පද වල තේරුම නියමයි නේද...ඔයාගෙ සින්දුවත් ඒ වගේ
ReplyDeleteඒ පද වල තේරුම නියම වෙන්නෙ ඒ පද ටිකට හරියන ඔයාගෙම කතාවක් ඔයාට තියෙන නිසයි. මටත් එහෙමමයි. අන්න ඒකමයි චිත්රපටිය අසාර්ථක, මොකද ඒක මගෙ කථාව නෙවෙයිනෙ
ReplyDelete